• දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
  • මෝටර් රථ දෙපාර්තමේන්තුව - බදුල්ල
  • ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
  • බදුල්ල මහ නගර සභාව
  • වියළුව කලාප කාර්යාලය - මීගහකිවුල

තොරතුරු දැනගැනීමේ සංකල්පය

තොරතුරු නිලධාරී 

D.M.සුදත් දිසානායක මහතා 

ප්‍රධාන කළමනාකරණ සහකාර 

+94 55 2245738

 

ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි. 

මෙම අයිතිය මැනවින් ආරක්ෂා වීම සඳහා මුලික අවශ්‍යතා 3ක් පිළිබඳව සැලකිලිමත් වේ.

1.තොරතුරු සඳහා ඇති ප්‍රවේශය:

ජනතාවට අවශ්‍ය තොරතුරු බාධාවකින් තොරව ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. තොරතුරු සුලභ බව මෙන්ම තොරතුරු ලබා ගැනීමේ මාධ්‍යයන් බාධාවකින් තොරව සමාජය තුල ක්‍රියාත්මකවන බව මින් අදහස් වේ.

විශේෂයෙන්ම ජන මාධ්‍ය වාරණයකින් හෝ බාධාවකින් තොරව හා නිදහස්ව හා බලපෑමෙන් තොරව හැසිරීම මෙහිදී වඩාත්ම වැදගත් වේ.

2.තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍යමය ආයතනවලට ඇති වගකීම

ජනතාවට වැදගත් වන සියළු තොරතුරු ජනතාවට ලබා ගත හැකි පහසු මාධ්‍යයන්ගෙන් ජනතාවට ලබා දීමට රාජ්‍ය  ආයතන වලට වගකීමක් තිබිය යුතුය. ජනතාවට බහුලව ලබා ගත හැකි මාධ්‍යයන්ගෙන් මෙන්ම ජනතාවට තේරුම් යන ලෙස සරල ලෙස එම තොරතුරු ලබා දීම රජයේ වගකීමකි.

3.තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම

යම් යම් පුද්ගලයන්ට අදාල වන තොරතුරු ඉල්ලා සිටිවිට එම තොරතුරු ලබා දීමට ඇති බැඳීම මෙයින් අදහස් වේ. රාජ්‍ය රහස් වැනි සීමාවන්ට යටත්ව තොරතුරු රාජ්‍ය ආයතන වලින් ඉල්ලා සිටීමේ අයිතියක් ජනතාවට තිබිය යුතුය. ජනතාවට අදාල වන පෞද්ගලික තොරතුරු හා ජනතාවගේ බදු මුදල් වලින් සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ජනතාවට ලබාදීමේ වගකීමක් රාජ්‍ය නිළධාරීන්ට ඇත. මෙම තොරතුරු ප්‍රමාදයකින් තොරව හා නිවැරදිව ජනතාවගේ අයිතියකි.

 

ආයතන අංශය

සමාජ සේවා අංශය

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

විශ්‍රාම වැටුප් අංශය

අනු-ප්‍රවර්ගයන්

2019 Wesak 

News & Events

23
ඔක්2025
රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙල - 2025

ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදේශකත්වයෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top