| අනුමත | දැනට සිටින | පුරප්පාඩු | අතිරික්ත | |
| තනතුර | ||||
| ප්‍රාදේශීය ලේකම් | 1 | 1 | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 1 | 1 | - | - |
| ගණකාධිකාරී | 1 | 1 | - | |
| සහකාර / නියොජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) | 1 | 1 | නැත | - |
| ඉංජිනේරු | - | - | - | - |
| භාෂා පරිවර්තක | 1 | නැත | 1 | - |
| පරිපාලන නිලධාරී | 1 | 1 | - | |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී | 1 | නැත | 1 | - |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 1 | 1 | නැත | - |
| සංවර්ධන නිලධාරී (පැරණි) | - | - | - | - |
| සංවර්ධන සහකාර | - | - | - | - |
| සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නිලධාරී | - | - | - | - |
| සංවර්ධන සම්බන්ධිකාරක | 1 | 1 | - | - |
| අතිරේක දිස්ත්‍රීක් රෙජිස්ට්‍රාර් | 1 | නැත | 1 | - |
| සංවර්ධන ක්ෂේත්‍ර සහකාර | - | - | - | - |
| අයවැය සහකාර | - | - | - | - |
| රාජ්‍ය කළමණාකරන සහකාර | 21 | 20 | 1 | නැත |
| ග්‍රාම නිලධාරී | 20 | 17 | 3 | නැත |
| වැඩසටහන් සහකාර | - | - | - | - |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 1 | නැත | 1 | - |
| පරිගණක දත්ත සටහන් කරු | - | - | - | - |
| සැලසුම් ශිල්පි | - | - | - | - |
| සංවර්ධන නිලධාරි | ||||
| සංවර්ධන නිලධාරි (සංවර්ධන) | 24 | 13 | 11 | - |
| කාර්මික නිලධාරී | 2 | 2 | නැත | - |
| තාක්ෂණ සහායක | 1 | 1 | නැත | - |
| පිළිගැනීමේ නිලධාරී | - | - | - | - |
| රියදුරු | 2 | 2 | - | - |
| කා.කා.ස | 6 | 6 | - | - |
| විදුලි / ජලනල ශිල්පි | - | - | - | - |
| සනීපාරක්ෂක කම්කරු | - | - | - | - |
| මුරකරු | - | - | - | - |
| ආදේශක මුරකරු | - | - | - | - |
| සංචාරක නිවාස භාරකරු | - | - | - | - |
අපගේ දැක්ම
යහපාලනය තුලින් අභිමානවත් රාජ්‍ය සේවයක්
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනූකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීමයි.
ආවරණය වන ප්‍රදේශය 105.5 Km2
ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 20
ජනගහනය 24241
ලඟම ඇති බදුල්ල නගරයට දුර 23km
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙහි නැගෙනහිර කොටසේ පිහිටි බදුල්ල දිස්ත්‍රික්කය තුල මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ්‍ය පිහිටා ඇත. ඌව පළාතට අයත් වන බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාව 15කි. මීගහකිවුල යනු ඉන් එක් ප්‍රාදේශීය කොට්ඨාශයකි. මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ තිබෙන කුඩාම කොට්ඨාශයයි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 105.5 කි. මෙය දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 3.7% ක් වෙයි. කොට්ඨාශය තුල පිහිටි ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 20කි.
මීගහකිවුල ප්‍රාදේශීයලේකම් කොට්ඨාශයේ පිහිටීම පිළිබඳ අවධානය යොමු කිරීෆම්දී දකුණින් සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද නැගෙනහිරින් ලුණුගල හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින්ද බටහිරින් කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වටවී ඇති බවයි.
භූගෝලීය වශයෙන් පිහිටීම ගත්කල නැනිතලා සහ කඳු සහිත මිශ්‍ර භෞමිකතත්වයක් නිරූපනය වේ. කුඩා නගරයක් සැකසී ඇති අතර, ඒ සඳහා සමහර ගම්වල සිට විශාල විශාල දුරක් ගමන් කලයුතු වේ. ප්‍රධාන නගර ලෙස ආසන්නව ඇත්තේ බදුල්ල හා මහියංගනයයි. මීගහකිවුල සිට බදුල්ල කිලෝමීටර් 23ක් වන අතර, මහියංගණයට කිලෝමීටර් 36කි.






















